මෙවර බොහෝ බෞද්ධ සැදැහැවතුන් සීල වැඩසටහන් වල නිරත වූයේ නිවෙස්වල සිටයි.




සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය අදයි(07).

රට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන්  මෙවර බොහෝ බෞද්ධ සැදැහැවතුන් සීල වැඩසටහන් වල නිරත වූයේ නිවෙස්වල සිටයි.

ලොව පරම සත්‍යය ස්වකීය ඥානයෙන්ම අවබෝධ කරගනිමින් ලෝක සත්වයන්ගේ හිත සුව පිණිස ලෝකාර්චර්යාවේ යෙදුණු ගෞතම බුදුන්ගේ තෙමගුල සැමරෙන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය අදයි. 

ශ්‍රී ලංකාවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දී සෑම වසරකම වෙසක් සමරනු ලැබුවද මෙවර කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් එම කටයුතු  නිවෙස් වලට පමණක් සීමා කිරීමට සිදුවිය.

‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්න තේමා කරගනිමින් රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවයද ඊයේ සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් අනුගමනය කරමින් අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මේ අතර දෙරණාභිවන්දනා වෙසක් සජිවී විකාශය  ඓතිහාසික කැලණිය රජමහා විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් අද අලුයම 05ට ආරම්භ කෙරුණි.

විකාශය ආරම්භයේදීම රටටත් රටවැසියන්ටත් සෙත්පතා ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් සිදුකරනු ලැබීය.

නිවෙස්වල රැඳී සිටිමින් දෙරණාභිවන්දනා සජීවී විකාශය සමඟ සම්බන්ධ වන බෞද්ධ සැදැහැවතුන් පෙහෙවස් සමාදන් කරනු ලැබුවේ පූජ්‍ය රන්දිලිගම මහින්ද ස්වාමීන් වහන්සේ විසින්.

අනතුරුව අද පෙරවරු 08ට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ ධර්ම දේශනාව විකාශය කෙරුණි.

කැළණිය රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සහ පූජ්‍ය කැළණියේ සාසනවංශ හිමියන් ධර්ම සාකච්ඡාවකට එක්විය.

මේ අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය, මහනුවර ශ්‍රී දළඳා මාලිගාව , කතරගම පුදබිම ඇතුළු දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රැසක අද සෞඛ්‍ය උපදෙස් අනුව විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

පවතින තත්වය හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙසක් පුන් පොහොය දිනයකදී ප්‍රධාන ආගමික සිද්ධස්ථාන පාළු ස්වභාවයක් ගෙන තිබුණි.

මේ අතර ආගමික වතාවත්වලට මුල්තැන දී මෙවර වෙසක් දින සැමරුම සැදැහැවතුන් තම නිවෙස් තුළ අර්ථාන්විතව සිදුකරන ආකාරයද දක්නට ලැබුණි.

දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල රජයේ උපදෙස් අනුගමනය කරමින් වෙසක් පුන් පොහෝ දින සැරසිලි සිදු කෙරෙන ආකාරය ඊයේ මෙන්ම අදත් දැකගත හැකිවිය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017