මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150ක් වෙයි.




මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 150ක් වෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 35 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  11 දෙනෙකු ලෙස කොවිඩ් 19 ආසාදිතයින් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ අතර මේ වන විට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට හඳුනා ගෙන ඇති සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 393ක් වෙයි.

කෙසේවෙතත් අවදානම් සහිත ප්‍රදේශවල ප්‍රජාව අතර සිදුකළ වෛද්‍ය පර්යේෂණවලදි කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවීම සතුටට කරුණක් බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරීවත්තගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම පරික්ෂණ කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යාමට කටයුතු කරන බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ(08) දිනයේ අලුතින් හදුනාගැණුනු ආසාදිතයින් 11 දෙනා සමඟයි.

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 835 දෙනා අතරින් පුද්ගලයින් 240 දෙනෙකු මේවනවිට සුවය ලබා රෝහලෙන් පිටවගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කොවිඩ් 19 ආසාදනයෙන් මිය ගිය ගණන 09ක්.

ඒ අනුව ආසාදිතයින් 586 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

1 view
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017