මුල්වරට කොරෝනා ආසාදනය වු නාවිකයා ඇතුළු තවත් 5ක් රෝහලෙන් පිටව යයි



කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට මුල් වරට හඳුනා ගත් පොළොන්නරුව ප්‍රදේශයේ නාවිකයා ඇතුළු තවත් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 05 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

සිදු කල PCR පරීක්‍ෂණ මඟින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු මැයි මස 08 සහ 09 යන දිනයන්හි රෝහල් වෙතින් මෙම නාවිකයින් මුදා හැරිය බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මුල් වරට කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගත් නාවික හමුදා පුද්ගලයාද සමඟ මෙම නාවික පුද්ගලයින් 05 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වෙයි. 

වෛරසය ආසාධිත පළමු නාවිකයා නිවාඩු ලබා ගොස් සිටියදී උණ රෝගී තත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී සිදු කල පරීක්‍ෂණ මඟින් ඔහු කොවිඩ් - 19 ආසාදිතයෙකු බවට හඳුනා ගැණුනි.

පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා වැලිකන්ද රෝහල වෙත ඇතුළත් කළේය. 

අනෙක් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනාද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම සහ අයිඩීඑච් යන රෝහල් වෙත ඇතුළත් කර ඇත. 

මෙලෙස එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම නාවික පුද්ගලයින් සඳහා වරින්වර සිදු කල  PCR පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔවුන්ගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම නිසා ඔවුන් මැයි 08 සහ 09 යන දිනයන්හි රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

මේ අනුව මෙම නාවික පුද්ගලයින් 05 දෙනාද ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාවෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

මෙලෙස සුවය ලබා රෝහල් වෙතින් පිටත්ව ගියද එම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017