We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රමාත්‍යවරයාට පිළිගන්වති...



බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි විසින් රචිත ග්‍රන්ථ දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට 25 දින පිළිගැන්වනු ලැබූහ.


''රන් හීය සහ හෙළ වෙදකමේ යටගියාව ''නැමති ග්‍රන්ථ ද්විත්වය මෙසේ ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූහ. උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දී පැවැත්විණි. සිළුමිණ පුවත්පතට ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ හීය නමින් ලියූ තීරු ලිපි සමුච්ඡයෙන් තෝරාගත් ලිපි එකතුවක් රන් හීය ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ. හෙළ වෙදකමේ යටගියාව ග්‍රන්ථය ඉපැරණි හෙළ වෙදකමේ අක්මුල් සෙවීමකි. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය මෙම උත්සවයට වැඩම කළහ.

මෙම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන මහාචාර්ය චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන යදාමිණි ගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ



2 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram