මෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගියේය.




අද (16) පස්වරු 08.00 වන විට තවත් කොරෝනා ආසාදිතයි 12 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් සියලුදෙනා නාවික හමුදා සෙබළුන් බව වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගියේය. මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.  අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. 

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.  මේ වන විට ආසාදිතයින් 420 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.  ඒ අනුව මේ දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගෙන් සියයට 50කට අධික පිරිසක් සුවය ලබා තිබේ.  COVID 19 වැලදි පුද්ගලියින් 9 දෙනෙකු මිය ගියේය.



9 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017