We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

මෙරට කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීම ක්‍රමයෙන් පහලට.



මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අද දිනය වන විට 707 දක්වා ඉහළ ගියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, ඉන් එකසිය අසූ දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවයි. 

චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් - 19 වෛරසය ලංකාවට ඇතුළුවී වැලැක්වීමට මෙරට බලධාරීන් විවිධ පියවර ගනු ලැබුවා. 

නමුත්, ඒ වන විටත් රටට පැමිණි චීන ජාතික කාන්තාවකට කොරෝනා අසාදනය වී තිබුණි. 

කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය අංශවල කැපවිමෙන් ඇය සුවපත් කර යළි සිය රටට යැවීමට මෙරට වෛද්‍යවරුන්ට හැකිවුණි. 

නමුත්, මාර්තු මස 11 වැනිදා මෙරට තුළින් පළමු ශ්‍රි ලාංකික කොවිඩ් - 19 වෛරස ආසාදිතයා හමුවිය. 

එදා සිට ක්‍රමයෙන් ඉහළ ගිය ආසාදිතයින් ගණන අද වන විට 700 ඉක්මවා තිබේ.

ඒ අනුව පළමු ආසාදිතයින් 100 දෙනා වාර්තා වන්නේ, දින 14 ක කාලයක් තුලදීයි. 

දෙවැනි ආසාදිතයන් 100 දෙනා දින 18 ක් තුළදි වාර්තා වූ අතර තුන්වැනි ආසාදිතයින් 100 දෙනා දින 9 ක් තුළදි සොයාගැණුනි. 

නමුත්, සිව්වැනි ආසාදිතයින් සියදෙනා වාර්තාවන්නේ ඉතාමත් කෙටි කාලයක් තුලදීයි. 

ඊට ගතවන කාලය දින 4 කි.

යළි ආසාදිතයින් වාර්තාවිමේ වේගය ඉහළයමින් දින 2 ක් තුළ ආසාදිතයින් 400 සිට 500 දක්වා වාර්තා වෙයි. 

ආසාදිතයින් 500 සිට 600 දක්වා වාර්තා විමට ගත වන්නේ ද  දින 2 ක් පමණයි.

600 වැනි ආසාදිතයා වාර්තාවීමෙන් පසු අසාදිතයින් වාර්තාවීම මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහළ යමින් පවතියි. 

ඒ අනුව හත්වැනි ආසාදිතයින් සිය දෙනා වාර්තාවීමට ගතවන කාලය සටහන් වන්නේ දින පහක් ලෙසයි. 

ඊයේ දිනයේදී වාර්තා වූ රෝගීන් පහලොස් දෙනාත් සමග මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගියෙය්.

ඉන් දොලොස් දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්ය. 

6 views0 comments