මැතිවරණය වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම අගෝස්තු 02 දා රාත්‍රී 12න් අවසන්....



මැතිවරණය වෙනුවෙන් රැස්වීම් පැවැත්වීම අගෝස්තු 02 දා රාත්‍රී 12න් අවසන් බව බවත්, එදින රාත්‍රී 10 සිට ප්‍රචාරක යන්ත්‍ර භාවිත කිරීම තහනම් බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

මැතිවරණ කොමිසමේ (27) දා පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසයි. ඒ අනුව මැතිවරණය වෙනුවෙන් සිදුකරන අවසන් රැස්වීම් අගොස්තු 02 දා අවසන් කළ යුතුය. එසේ වුවද ගෙන් ගෙට යාම සහ අත්පත්‍රිකා බෙදීම අගොස්තු 03 වැනිදා සිදු කිරීමට හැකියාව ඇති බව දේශප්‍රිය මහතා පැවසීය. කෙසේ වෙතත් ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදු කරන අගොස්තු 04 වැනිදා කිසිඳු ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. මෙවර මැතිවරණය අනෙකුත් මැතිවරණ මෙන් නොව ප්‍රචාරකට කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වූ නිසා ඡන්ද අත්පත්‍රිකා බෙදීම හා සබැඳි කටයුතු සඳහා පිරිසර පනත වැනි ඒවායෙන් ඇතිවන ගැටලු මගහැර ඒ සඳහා සම්පූර්ණ නිදහස අපේක්ෂකයාට ලබා දෙන්නැයි තමා පොලිසියෙන් ඉල්ලු බවද සභාපතිවරයා පැවසීය.

3 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram