මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට නිකුත්වේ...




මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව මහ මැතිවරණය මෙම ගැසට් නිවේදනයට අනුකූලව පැවැත්වීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරුන් දැනුවත් කිරීමට නියමිතව තිබේ. මෙම ගැසට් පත්‍රයෙන් සාමාන්‍ය දෛනික ජනජීවිතය තුළ ද කටයුතු කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නෛතික ක්‍රියාවලියකට යටත් කිරීමට කටයුතු කර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.


7 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017