මහා පරිමාණ, සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාවට ලක් කර ති‍බේ.



පවතින සහල් හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් විසින් අද(23) මහා පරිමාණ, සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාවට ලක් කර ති‍බේ.

ඒ මහා පාරිමාණ සහල් මෝල් හිමියන් රට තුළ කෘතීම සහල් හිඟයක් නිර්මාණය කර ඇති බවට අද දෙරණ පසුගිය දින කිහිපය පුරාම රට හමුවේ තොරතුරු අනාවරණය කිරීමත් සමඟයි.

මේ අතර රජය සතු වී තොග සහල් බවට පත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. 

රුපියල් 90 ක පාලන මිලක් නියම කිරීමත් සමඟ ගත වු දින කිහිපයේදිම වෙළඳපොළේ නාඩු හා සම්බා සහල් වර්ගවල අඩුවක් දක්නට ලැබුණි. වෙළෙඳ පොළෙහි සහල් හිඟයක් ඇතිවී ඇත්තේ කෙසේ ද ? යන්න පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් අද කටයුතු කරනු ලැබීය.

ඒ අනුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් , සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් පරීක්ෂාවට ලක් කෙරුණි.

එහිදී මහා පරිමාණ වී මෝල් වන අරලිය, නිපුන, ලත් සහ රත්න සහල් මොල් පරීක්ෂාවට ලක් කෙරුණි

අරලිය සහල් ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා සමඟ පවතින තත්ත්වය පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් එම සහල් මෝල් පරීක්ෂා කිරීමට ද කටුයුතු කළේය.

එහිදී දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් ද ඇති විය. 

ඉන් අනතුරුව නිපුන සහල් නිෂ්පාදකයින්ගේ සහල් මෝල් පරීක්ෂා කිරීමටද සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කළේය. 

මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ලත් සහල් මෝල් සංකීර්ණයට වෙතද පැමිණ පරීක්ෂා කළේය. 

2 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017