බෝ නොවන රෝග හා නිදන්ගත රෝග ඇති අය,වැඩිහිටියන් සංචරණ සීමා කරමින් ප්‍රවේශම් විය යුතුයි...



බෝ නොවන රෝග හා නිදන්ගත රෝග ඇති අය මෙන්ම වැඩිහිටියන්ද මෙම අවස්ථාවේ සංචරණ සීමා කරමින් ප්‍රවේශම් විය යුතු බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ(07) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ පළමු රෝගියා බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙන් පළමුව හදුනාගත් කාන්තාව නොවන බවත් ඇය අතරමැදියෙක් විය හැකි බවත් මහතා පැවසුවේය. බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙහි සේවකය කළ කොවිඩ් ආසාදිත කාන්තාව සැප්තැම්බර් 28 වන දින සිට රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවද, 30 වනදා ඇය රෝහලට ඇතුලත් කළ අතර, අදාල ආයතනයෙහි සේවකයින් 20 වනදා සිට ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතැයිද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. රෝගීන් අටසිය ගණනකගෙන් පළමු රෝගියා සෙවීම දුෂ්කර කර්තව්‍යයක් බවත්, වැඩිපුර රෝගීන් හමුවූ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇදිරිනීතිය පනවා සංචරණය සීමා කර ඇති බවද පැවසුවේය. මෙම කොවිඩ් පොකුරෙන් අනුරාධපුර, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මොනරාගල, පුත්තලම, කෑගල්ල, කලුතර, නුවර, මාතර, පොළොන්නරුව හා රත්නපුර ආදී දිස්ත්‍රික්ක වලින් මේ වන විට රෝගීන් හමුවී ඇත. මේ වන විට රෝහල් වල පවතින පහසුකම් සහ උපකරණ ප්‍රමාණවත් වන අතර රෝගීන් හමුවීම වැඩි වන විට තවත් රෝහල් අවශ්‍ය වුවහොත් ප්‍රතිකාර සදහා වෙන් කරන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය. කොවිඩ් රෝගය සම්බන්ධව අත්දැකීම් ඇත්තේ මාස 10ක පමණ කලක සිට වන බැවින් රෝගය පිළිබද සියයට සියයක් දැනුවත් නොමැති බවද ඔහු කියා සිටියේය. මිනුවන්ගොඩ කෝවිඩ් ආසාදිත පොකුරෙහි ඇතමුන් රෝග ලක්ෂණ පෙන්නුම් කළද බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වයි. මෙම පොකුරෙහි විශේෂත්වය වන්නේ මීට පෙර හමුවූ පොකුරු වලට සාපේක්ෂව එම පී සී ආර් පරීක්ෂණ දත්ත වලට වඩා මෙම පොකුර තුළ රෝගීන් තුළ වෛරස් ප්‍රමාණය වැඩි අගයක් ගනියි. එයට කාරණා දෙකක් හේතුවිය හැකි බව වෛද්‍යතුමන් සදහන් කළේය. එනම් වසංගතයේ මුල් අවදිය වීම එනම් රෝගීන් අලුත් වීම සහ වෛරසයේ හැසිරීමෙහි වෙනසක් හේතුවෙන් වෛරසයේ වැඩි ප්‍රමාණයක් කෙනෙකුගේ ශරීරයෙහි පැවතිය හැකි බව ද පැවසුවේය. තවදුරටත් වසංගතවිද්‍යාත්මකව දිනපතා වන දේවල් විශ්ලේෂණයෙන් නිගමන වලට එළඹිය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. බෝ නොවන රෝග හා නිදන්ගත රෝග ඇති අය මෙන්ම වැඩිහිටියන්ද මෙම අවස්ථාවේ සංචරණ සීමා කරමින් ප්‍රවේශම් විය යුතු බවද, මහජනතාව මීටරයේ දුර පවත්වා ගනිමින්, මුඛ ආවරණ පළදිමින් සහ සබන් යොදා අත් සෝදමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව කටයුතු කළ බවද වසංගත රෝගඒකකයේ අධ්‍යක්ෂවරයාඅවධාරණය කළේය.

1 view

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram