පෑළියගොඩ මැනිං වෙළඳපොළ කටයුතු නිරික්ෂණය කිරීමට ගිය අවස්ථාවේදි,




2015 ට පෙර ඇරඹූ සෑම ව්‍යාපෘතියක් ම පටන් ගත්තේ ව්‍යාපෘතිය සඳහා පමණක් ම නොව, විශාල සැලැස්මක් සහිත බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉකුත් (25) ඉදිවෙමින් පවතින පෑළියගොඩ මැනිං වෙළඳපොළ කටයුතු නිරික්ෂණය කිරීමට ගිය අවස්ථාවේදිය.

මෙරට ඉංග්‍රීසි පාලන සමය තුළ ආරම්භ වූ පිටකොටුව නගරය එවකට කුඩා නගරයක් බවත් එම සමයේ වෙළඳ නගරය වූ එම ප්‍රදේශය පසු කාලීනව රටේ දියුණුව සමග ජනගහණය වැඩිවී ව්‍යාපාර ප්‍රමාණය ඉහළ ගොස් පවතින ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන තත්වයකට පත්ව ඇති බව පැවසූ අමාත්‍යතුමන් එම නිසා සමස්ථ කොළඹ නගරයම සැලසුම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ප්‍රකාශ කලේ කොළඹ නගරය තුළ තිබෙන විවිධ කාර්යභාරයන් විශාල භූමි ප්‍රදේශයක විසුරුවා හරිමින් වැඩි පිරිසකට සිය පාරිභෝගික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසා දිය යුතු බවයි.

පිටකොටුව මැනිං වෙළෙඳ පොළ ලෙස හැඳින්වෙන එම කොටස පෑළියගොඩ ප්‍රදේශයට ගෙන ඒමෙන් පෙර තිබූ විශාල වාහන තදබදය අවම කර බොහෝ අධිවේගී මාර්ගයන් සඳහා ප්‍රවේශයක් වන පෑළියගොඩ නගරය තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කර එහි මාළු වෙළඳපොළ, එළවළු වෙළඳපොළ ඇතුළු කාර්යභාර්යයන් රැසක් සිදුවනු ඇති බවයි.මෙහිදී අපගේ අවධානය යොමු විය යුත්තේ මෙම ව්‍යාපෘතිය දෙසට පමණක් නොව සමස්ත ව්‍යාපෘතිය ම සම්පූර්ණ වූ පසු ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.








2 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram