පොළොන්නරුව අභයපුර ගම්මානය යළි විවෘතයි. හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.



පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) උදෑසන සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 23 වන දාය.

ආසාදිත බවට හඳුනා ගත් මෙම පුද්ගලයා ජීවත් වු පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට ද ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.

ඊයේ(06) රාත්‍රී 11.30 වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක්.

මේ වන විට ආසාදිතයින් 573 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

ඊයේ (05) මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවත් සමඟ වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් මරණ 09ක් වාර්තා වෙයි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017