පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බලවත් පුද්ගලයින් බාධා කරමින් සිටින බව පවසයි....



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතුවලට බලවත් පුද්ගලයින් බාධා කරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඊයේ පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානය වෙත පැමිණියේය. ඒ ශ්‍රී  ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ සුවදුක් විමසිම සඳහායි.‍ මේ අතර ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතාද අමරපුර මහා නිකායේ උත්තරිතර මහනායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවස නාහිමියන්ගේ සුවදුක් විමසිමට අද (23) පෙරවරුවේ ගල්කිස්ස ධර්මපාලරාම විහාරස්ථානය වෙත පැමිණියේය.

7 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017