පාසල් සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කළ ඉල්ලීම ඵලදරයි....



උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය සහාය පළ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අද (16) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බෑග්ලේ (Gopal Baglay) මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී මෙම එකඟතාව පළ කර තිබේ. ඉන්දියානු-ශ්‍රී ලංකා දෙරට අතර මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පාසල් පද්ධතිය සංවර්ධනය වෙනුවෙන් මෙම මූල්‍යාධාර ලබා දීමට එකඟතාව පළ කර ඇත. උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වලට මෙන් ම සංවර්ධන අවශ්‍යතා සහිත දිවයිනේ සෙසු පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ද සහාය වන ලෙස එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරියේ දී සෙසු පාසල්වල සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017