පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් අනියත බියක් ඇතිකරගත යුතු නෑ....

බොහෝ කාලයක් තිස්සේ පාසල් විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කෙරුණු බවත් පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ (22) රූපවාහිනී වැඩසටහනක් වෙත සිය අදහස් දක්වමිනි. හෙට දින පාසල් විවෘත වීම එක් වරම ගත් තීරණයක් නොව කලක් තිස්සේ මනා අවබෝදයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බවද ලේකම්වරයා පැවසීය බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා පාසල් ආරම්භ වීමට නියමිතයි.
1 view0 comments