පකිස්ථානයේ සිට පැමිණි 130ක් නිරෝධායනයට- පුද්ගලයන් 4397ක් තවදුරටත් නිරෝධායනයේ....




යූ එල් 1282 දරණ මගී ගුවන් යානයෙන් පකිස්ථානයේ සිට මගීන් 130 දෙනෙකු මෙරටට පැමිණි අතර ත්‍රිවිධ හමුදාවට අයත් 61 දෙනෙකු ඒ අතර සිටින බවත් එසේ පැමිණි ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සදහා යොමුකර තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා; බ්‍රැන්ඩික්ස් පූනානි සංක්‍රාන්තික පුහුණු පාසල, අම්පාර හොටෙල් ෂෙල්ඩ් 59 වෙනි පුහුණු පාසල සහ පැල්පේ යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් දෙසීය විසි දෙදෙනෙකු නිරෝධායනයට යැවීමෙන් අනතුරුව පී සී ආර් පරීක්ෂණ සිදුකර ඉන් පසු තම නිවෙස් වෙත යැවීමට නියමිතව තිබෙනවා.

ඒ අනූව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයන් 13875 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත් කර හැර තිබෙනවා. මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43ක් තුළ පුද්ගලයන් 4397 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. අද දින උදෑසන වන විට නාවික හමුදාව තුළින් කොවිඩ් 19 ආසාදිතයින් පස්දෙනෙකු වාර්තා වෙනවා. රණවිරුවන් සිවුදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනූව නාවික හමුදාවේ කෝවිඩ් 19 ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 882ක් ලෙස වාර්තා වනවා. ඉන් 708 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. දැනට රණවිරුවන් 174 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.



4 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017