නිවසට වී සිට වත්පිළිවෙත්වල යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.




කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පොහොය දිනයේ ද නිවසට වී සිට වත්පිළිවෙත්වල යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධස්ථානවල සිට මාධ්‍ය ආයතන මඟින් සජීවි ආවරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

එම නිසා වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටුකළ ආකාරයෙන් මෙවර පොසොන් පොහොය දිනයේ ද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.


0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017