නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද (12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.



වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද (12) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.


මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇත්තේ වව්නියාව හා හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 32  දෙනෙකු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙත පිටත්කෙරිණ.


කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් එලෙස නිරෝධායන කඳවුරු තුළින් නිරෝධායනය අවසන් කොට නිවෙස් වෙත පිටත්ව ගියහ.


වැඩසටහන් අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යුද හමුදා නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017