නිරෝධායන ඇදිරි නීතිය අද ඉවතට- ප්‍රදේශ කීපයක් තවමත් හුදකලා වෙයි...



කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මෙතෙක් ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද (09) පෙ.ව 5.00 සිට ඉවත් කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. තවද නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන බැවින් එම නීති කඩ නොකර කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මහජනතාවගෙන් ඉල්ලා තිබේ. නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කෙරුණ ද ප්‍රදේශ කීයයක් ම තවදුරටත් හුදකලා තත්ත්වයේ ම පවතී. ඒවා පහත පරිදි වෙයි: තවදුරටත් ක්‍රියාත්මක හුදකලා ප්‍රදේශ-කොළඹ දිස්ත්‍රික්කය- පොලිස් බලප්‍රදේශ- මට්ටක්කුලිය,මෝදර, බ්ලුමැන්ඩල්,කොටහේන,ග්‍රෑන්ඩ්පාස්,මාළිගාවත්ත,දෙමටගොඩ,වැල්ලම්පිටිය,කෙසෙල්වත්ත,බොරැල්ල,වෙරළබඩ පොලීසිය, ආදුරුප්පු වීදිය, ගම්පහ දිස්ත්‍රික්කය- පොලිස් බල ප්‍රදේශ- වත්තල,පෑලියගොඩ,කඩවත,රාගම,මීගමුව,පමුණුව,ජා-ඇල,සපුගස්කන්ද කළුතර දිස්ත්‍රික්කය- පොලිස් බල ප්‍රදේශ- හොරණ,ඉංගිරිය,වෑකඩ බටහිර ග්‍රාම නිලධරී වසම: කුරුණෑගල/කෑගල්ල දිස්ත්‍රික්කය-පොලිස් බල ප්‍රදේශ-කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය/මාවනැල්ල,රුවන්වැල්ල කෙසේ වෙතත් කොවිඩ් -19 ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් නිවාස යෝජනා ක්‍රම කීපයක සංචරණය සීමා කර තිබේ. ඒ අනුව,මෙත්සඳ සෙවණ,මිහිජය සෙවණ,මෝදර රන්මිණ සෙවණ,සිරිසඳ උයන දෙමටගොඩ,මාළිගාවත්ත එන්.එච්.එස්.නිවාස යන නිවාස යෝජනා ක්‍රමවල ජීවත්වන ජනතාව සිය සංචරණ  සීමා කරන ලෙස ද දන්වා තිබේ.

0 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram