නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 4931 ක්




අද (08) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇතැයි කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එසේම, ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4931 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

නාවික හමුදාව තුළ අද දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 390 ක් වන අතර බහුතරයක් කඳවුර තුළින් ආසාදිත වූ වීරෝධාර රණවිරුවන් වෙන බවද එම මධ්‍යස්ථානය පවසයි. 

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර තුළ 308 ක් හා කඳවුරෙන් පිටත වෙනත් ප්‍රදේශවල පුද්ගලයින් 82ක් සිටියි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017