නිරෝධායනය අවසන් කර අද නිවෙස් බලා පිටව ගිය අය.



ගුවන් හමුදාව විසින් මුලතිව්හි පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේදී සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයින් 256 දෙනෙකු අද ඉන් පිටව ගියේය.

එමෙන්ම යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුනකදී නිරෝධායනය වූ පුද්ගලයින් 285  දෙනෙක් අද දිනයේදී පිටව ගියේය.

කුරුණැගල යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ යුද හමුදා සෙබළුන් 33 ක් අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කර පිටව ගිය අතර ඔවුන් ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට ගොස් යළි මෙරටට පැමිණි පිරිසක්.

මේ අතර කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ රැදි සිටි පුද්ගලයින් 272 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියේය.

ඔවුන්ව නිරෝධායනය සඳහා රැගෙන ගියේ රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහලේ නව ගොඩනැඟිල්ල වෙතයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු අද සවස දිවයිනට පැමිණියේය.

ඔවුන් සියලු දෙනා ද  නිරෝධායනය සදහා යොමු කෙරුණි.

3 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram