නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් ලබා නොදෙයි...




අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය මැතිවරණ කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (29) ඇරඹිනි.


ඡන්ද මධ්‍යස්ථාන 05කදී තැපැල් ඡන්ද සලකුණූ කිරීම සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරි ආර්.එම් වන්නිනායක මහතා පැවසුවේය.


මේ අතර, නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනම දිනයක් ලබා නොදෙන බව මැතිවරණ කොමසාරිස්  ජනරාල් සමන්  රත්නායක මහතා පැවසීය.


ඔහු පවසන්නේ මැතිවරණය පැවැත්වෙන අගොස්තු මස 05 වනදා පස්වවරු 5.00න් පසුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බවය.


කොවිඩ් නයින්ටීන් වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ පැවැති විශේෂ රැස්විමකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.


සෞඛ්‍ය අංශ විසින් නිර්දේශිත සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස්  ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017