We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට (18) දිනයේ ලිහිල් කෙරෙයි.




දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට (18) දිනයේ ලිහිල් කෙරෙයි.


කෙසේ වෙතත් ජනතාවගේ හැසිරීම පිළිබඳව අධීක්ෂණය සඳහා ආරක්ෂක කැමරා පද්ධති හා බුද්ධි අංශ නිලධාරීන් යොදාගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


රජය විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට යටත්ව රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ රාජකාරි කටයුතු හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.


කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ලිහිල් කෙරෙයි.


ඒ අනුව හෙට සිට මැයි 23 සෙනසුරාදා තෙක් එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.


සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිනයේ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


ඊයේ රාත්‍රී 8ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුවත් හැටන් නගරයේ විවෘත කර තැබූ වෙළෙඳසල්වලට හා නගරයේ සැරිසැරූ පුද්ගලයින්ට පොලිසිය අවවාද කළේය.


එමෙන්ම ඇඳිරි නීති බලපත්‍ර හා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව අදත් දිවයින පුරා පොලිස් මාර්ග බාධක මගින් පරික්ෂාවට ලක් විය.


මේ අතර හෙට සිට දුම්රියේ ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අද කරුණු පැහැදිලි කළේය.


ඉකුත් සතියේ විවෘත කිරීමට අවසර හිමිවූ සුරාසැල්වලට පමණක් අදාළ සීමාවන්ට යටත්ව හෙට සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


මේ අතර සිය වට්ටක්කා අස්වනු අලෙවිකරගත නොහැකිව සිටින වට්ටක්කා ගොවීන් රැසක් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ.


අනුරාධපුර නොච්චියාගම කොකුම්නෑව ගොවීන්ගේ වට්ටක්කාවලට ආර්ථික මධ්‍යස්ථානවල කිසිදු ඉල්ලුමක් නොමැති බව එම ගොවීන් පෙන්වා දෙයි.


මොනරාගල කහම්බාන තෙනගල්ලන්ද වෙහෙරගල සහ ඉත්තෑකටුව ප්‍රදේශවල වට්ටක්කා ගොවීන්ද මෙම ඉරණමට මුහුණ පා සිටියි.

11 views0 comments