දිවයිනේ ප්‍රදේශ කීපයකට උණුසුම් කාලගුණයක්.



දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම අද(03) දිනයේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් පුත්තලම, අනුරාධපුර, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ත් 54ත් අතර දක්වා ඉහල යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එය මිනිස් සිරුරට දැනෙන උණුසුම අනතුරුදායක මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කාලගුණ බලධාරින් පෙන්වා දෙයි.

මීට අමතරව දකුණ,සබරගමුව පළාත් වල සහ කුරුණෑගල, පොලොන්නරුව, මොණරාගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක් දක්වා  ඉහල යා හැකි බව සඳහන්ය.

4 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram