දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත්




දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය අද (22) දිනයේ දීත් තවදුරටත් පවතී යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වැසි ද ඇති විය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි

6 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017