තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි යළි අරඹයි....



ඊයේ (08) දින තාවකාලිකව වසා දමන ලද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු අද (09) දිනයේ නැවත ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, මිනුවන්ගොඩ පොලිස් ස්ථානය සම්පූර්ණයෙන්ම විෂබිජහරණය කර තිබේ. මීට අමතරව, පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීන් 85 දෙනකු නිරෝධායනය කර ඇති අතර මේ වන විට ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගනිමින් සිටින බවත්, එම නිළධාරීන් සම්පූර්ණයෙන්ම ආයතන පරිශ්‍රයෙන් ඉවත්කොට ඒ වෙනුවට අලුත් නිළධාරීන් යෙදවීමටත් පියවරගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා මෙහි දී වැඩිදුරටත් පවසා සිටී.

0 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram