තවත් ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු අද මත්තල ගුවන්තොටුපළ වෙත.....




ජර්මනියේ රැදී සිටි තවත් ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු  ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් මගින් අද මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන එමට නියමිතව තිබේ.

විදේශිය නෞකාවන්හි  සේවය කළ සිවිල් නාවිකයින් පිරිසක් මෙලෙස පැමිණිමට නියමිතයි.

එම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පෙර  පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගැනීම ද ගුවන්තොටුපොළේදීම සිදු කිරිමට නියමිතව තිබේ.

මේ අතර මැලේසියාව, කොරියාව සහ එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් 42 දෙදෙනකු අද නිවෙස් වෙත පිටත් කෙරුණි. 

එමෙන්ම රුසියාවේ සිට මෙරටට පැමිණ දියගම නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ සිසුන් 159 දෙදෙනකු අද නිවෙස් වෙත පිටත් කළේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017