තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද දිනය තුල සුවය ලබා ඇත....




කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි. මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි. ඔවුන්ගෙන් 35 දෙනෙකු නාවික මහ රෝහල වෙතින්ද, 05 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු කාත්තන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.  ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස ඊයේ (08) වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍ මෙම නාවික හමුදා පුද්ගලයින් 41 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 563 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ. රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.


10 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017