තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.



අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් මෙලෙස පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. 


අද දිනයේ සුවය ලැබූ පිරිස අතර වැලිසර නාවික හමුදා රෝහලේ සිටි ආසාදිතයින් 14 දෙනෙකු ද වන බව සඳහන්. 


ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට පූර්ණ සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 366 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.


මේ වන විට මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 869 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ඒ ගතවු පැය විසි හතරක කාලය තුළ නව ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. 


ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 06 දෙනෙක් මෙරටින් වාර්තා වුණි.

ඔවුන් 06 දෙනාම නාවික හමුදා සාමාජිකයින්.


මොවුන් වැලිසර නාවික හමුදා කඳවුරේ  සිටියදී මොවුන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී වන අතර එහිදී තහවුරු වී ඇත්තේ මොවුන්ට වෛසරය ආසාදනය වී ඇති බවයි.

13 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram