තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇත.




අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(06)කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුනු තවත් පුද්ගලයින් දහතුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හදුනාගැණුනු රෝගීන් 13 දෙනාගෙන් නව දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර තිදෙනෙකු පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයේත් දෙදෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේත් තවත් අයෙකු පෙරියමඩු නිරෝධායන මධ්‍යස්ථානයේත් සිටින අයයි.

සෙසු නාවික හමුදා සාමාජිකයින් තිදෙනාද නිරෝධායනයට ලක්වෙමින් සිටි අය බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඊයේ දිනයේ දී හදුනාගැණුනු අනෙක් රෝගීන් සිව් දෙනා අතර රුසියාවේ සිට පැමිණ පිටිපන නිරෝධානය මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු සහ කුවේට්හි සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වෙයි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017