තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.




ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 856ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 526 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.


වසංගත රෝග විද්‍යා අංශය විසින් අද රාත්‍රී 8.00 නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 09ක් හඳුනාගෙන ඇති බවයි. 


මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ.


මේ අතර වෛරසය ආසාදනය වීමෙන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද පෙරවරුවේ 321 ක් දක්වා ඉහළ ගියේය.


අද උදෑසන දහයෙන් අවසන් වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් සුව වූ රෝගීන් ගණන 66 ක්.


ඉන් පනස් දෙදෙනෙකු කාන්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලැබුවන්. 


රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඔවුන් කොළඹ, බණ්ඩාරනායක මාවත සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.


ඔවුන් අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියේය.


ඊයේ දිනයේදී සුව වූ තවත් රෝගීන්ගෙන් පස් දෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේත් තවත් තිදෙනෙක් හෝමාගම මූලික රෝහලේත් තවත් දෙදෙනෙක් වැලිකන්ද මූලික රෝහලේත් ප්‍රතිකාර ලැබූවන්.  


සිව් දෙනෙක් නාවික රෝහලෙන් ප්‍රතිකාර ලැබූවන්.


ඒ අනුව කොවිඩ් නයින්ටීන් සුව වූ සමස්ථ සංඛ්‍යා 321 ක්.


මේ අතර බෝවන රෝග විද්‍යා අංශය පැවසුවේ, කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන්ගෙන් 416 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් බවයි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017