ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදට යෙදෙන රණවිරු දිනය වෙනුවෙන් තැබූ සටහන....



අද අපි අපේ මවුබිමේ ඉතා වැදගත් සංධිස්ථානයක 11 වැනි සංවත්සරය සමරමු. මේ මොහොතේ මම ත්‍රස්තවාදයට එරෙහිව, 30 වසරක් මුළුල්ලේ යුදවැදී දිවි අහිමි වූ හෝ සදාකාලික රෝගී තත්ත්වයන්ට පත්වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඉතා ගෞරව සම්ප්‍රයුක්තව සිහිකරමි. ශ්‍රී ලංකා මාතාවට සාමය උදා කරනු වස් ඔවුන්ගේ මානුෂීය දායකත්වය සදා අමරණීය වනු ඇත.

හමුදා නිලධාරියෙකු ලෙස ආරක්ෂක ලේකම් වරයා ලෙස සහ වර්තමානයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මවුබිමට සේවය කිරීමට අවස්ථාව ලැබීම මාගේ දිවියේ මා ලද භාග්‍යකි.





10 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017