ජනපති මැදිහත්වීමෙන් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාලයක් ..



ශිෂ්‍යාවක කළ ඉල්ලීම ඉටු කරමින් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාලයක් ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පුස්තකාලය නිමවා ඇත්තේ තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත්වැඩියා කොට යෝග්‍ය පරදි සකස් කිරීමෙනි. විද්‍යාලය ආරම්භ කොට වසර පහක් ගත වී ඇතත් මේ දක්වා පුස්තකාලයක් නොතිබිණි. සිසුන් 430ක් පමණ ඉගෙනුම ලබන විද්‍යාලයට පුස්තකාලයක් ලබා ගැනීම සඳහා වසර කීපයක් තිස්සේ ඉල්ලීම් කරනු ලැබීය. පසුගිය ජූලි පස් වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැදිරිගිරියේ කළ සංචාරයේ දී විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන විනුරි දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබා දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාය. ජනාධිපතිතුමාගේ නියමය අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගේ මැදිහත්වීමෙන් මහරගම ඩිපෝව යකඩ සඳහා වෙන්දේසි කිරීමට තිබූ තට්ටු දෙකේ බස් රථයක් කාර්ය මණ්ඩලය විසින් ජංගම පුස්තකාලයකට ගැලපෙන අයුරින් අලුත්වැඩියා කරනු ලැබීය. පුස්තකාලයට අවශ්‍ය පොත් සපයා ගැනීමට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සහ මහරගම ඩිපෝවේ කාර්ය මණ්ඩලය අනුග්‍රහය දක්වා ඇත . පුස්තකාලය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, විදුහල්පති චමින්ද ප්‍රියශාන්ත යන මහත්වරු සහ විනුරි දහම්සා දියණිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

6 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram