ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද ඇරඹේ...




මැතිවරණ කොමිසම විසින් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හා ඒවා ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යාම අද (4) සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුව (03)දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සියලුම නිකුත් කිරීමේ මධ්‍යස්ථානවලදී ඡන්ද පෙට්ටි නිකුත් කිරීම (04) දින පෙරවරු 08ට ආරම්භ කිරීමට නියමිත බවයි. ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධීපතිවරුන් ඇතුලු සියලු දෙනාට අදාළ පත්වීමි ලිපි මේ වන විට භාරදී ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය. එමෙන්ම මැතිවරණ රාජකාරිවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන් මේ වන විට ඡන්ද පෙට්ටි ආරක්ෂිතව රැගෙන අදාළ ඡන්ද පොළවල්වෙත වාර්තා කිරීමට නියමිත බවත් ඒ අනුව එක් නිලධාරියෙක් ඡන්ද පෙට්ටි සමඟ මෙන්ම අනෙක් නිලධාරියා ඍජුවම පොලිස් ස්ථානවලින් ඡන්ද පොළ වෙත පැමිනීමට නියමිත බවත්, එහෙත් සමහර ස්ථානවල නිලධාරීන් දෙදෙනාම ඡන්ද පෙට්ටි සමඟ ගමන් කිරීමට නියමිත බවත් දේශප්‍රිය මහතා පැවසීය. මෙවර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කොටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූ පහක් (16,263,885) වන අතර ඡන්ද කොට්ඨාස දොලොස් දහස් හත්සිය හැත්තෑ හතරක්(12,774), ඡන්ද මධ්‍යස්ථාන දොලොස් දහස් නවසිය අසූ පහක්(12,985)ක් පිහිටා ඇත.



4 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram