චීනයෙන් ඊයේත් නව කොවිඩ්ආසාදිතයින් 40දෙනෙකු හඳුනාගැණුනි.




කොවිඩ් සාර්ථකව මර්දනය කළ රාජ්‍යයක් ලෙසින් සැලකෙන චීනයෙන් ඊයේත් නව ආසාදිතයින් 40දෙනෙකු හඳුනාගැණුනි.

පවතින තත්ත්වය සලකා චීන විශේෂඥයින් පෙන්වාදෙන්නේ, ඉදිරි තෙදිනක කාලය චීනයට ඉතාමත් තීරණාත්මක කාලයක් බවය.

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 81 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ ගණන දැක්වුණේ 439,051 ක් ලෙසය.

කොවිඩ් ව්‍යාප්තිය සාර්ථක ලෙසින් මර්දනය කළ රාජ්‍යයක් ලෙසින් පැසසුම් ලැබූ චීනයේ කොවිඩ් දෙවැනි රැල්ලක අවදානමක් උද්ගතව ඇත්තේ බීජිං අගනුවර ප්‍රසිද්ධ වෙළෙඳපොළකින් නව ආසාදිතයින් පොකුරක් හදුනාගැනීමත් සමගින්ය.

ඒ අනුව ගතවූ දිනයේදීත් එරටින් නව ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගැණුනේ නව අර්බුදයක් නිර්මාණය කරමින්ය.

මීට පෙර ගතවූ සති 7 පුරා බීජිං නගරයෙන් හමුවූ ආසාදිතයින් සියලුදෙනාම විදෙස් රටවලින් පැමිණි පිරිස් පමණය.

මේ අතර උද්ගතව ඇති තත්ත්වය බරපතළ ලෙසින් සලකමින්, යුද සමයේ ක්‍රියාත්මක ක්‍රමවේද භාවිත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ යටතේ නව ආසාදිත පොකුර හදුනාගත් ෂින්ෆාඩි තොග වෙළෙඳපොළ මුළුමනින්ම වසාදමා එහි හමුදා අනුඛණ්ඩයක් ස්ථාපනය කර කොවිඩ් මැඬලීම රජයේ අපේක්ෂාවය.

එබැවින් ඉදිරි තෙදිනක කාලය චීනයේ කොවිඩ් සටනේ අතිශය වැදගත් කාලසීමාවක් වනු ඇති බවද විශේෂඥයින් අනාවැකි පළ කරයි.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017