ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 70කට ආසන්න වී තිබේ....




සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 70කට ආසන්න වී තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකයි.

කොවිඩ් වෛරසය හේතුවෙන් අද වනවිට මිනිස් ජීවිත ලක්ෂ 04 ක් ලෝකයට අහිමි වී තිබේ.

තවමත් දෛනිකව ලොවපුරා පුද්ගලයන් 5000 ක් පමණ වෛරසය හේතුවෙන් අහිමි වෙමින් ඇති අතර මේ නිසා කොවිඩ් මරණ ලැයිස්තුවට ඉදිරියේදී ද තවත් ලක්ෂ ගණනක් එකතු වනු ඇති.

මේ වනවිට ලෝකයේ රටවල් 183 කින් අවම තරමින් එක් මරණයක් හෝ වාර්තා වී ඇති අතර දහස ඉක්මවා මරණ වාර්තා වන රටවල් සංඛ්‍යාව 29 ක්.

කොවිඩ් වෛරසය හේතුවෙන් තවමත් වැඩිම මරණ වාර්තා වන්නේ යුරෝපා රටවලින් වන අතර ඉන් 178,000 කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් යුරෝපයට අහිමි විය.

උතුරු අමෙරිකාව අධි වේගයෙන් යුරෝපයේ සංඛ්‍යා ලේඛන වෙත ලඟාවෙමින් සිටින අතර එම කලාපයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත මරණ ප්‍රමාණය 134,000 කට අධිකයි. 

මීට අමතරව දකුණු අමෙරිකාවේ  පුද්ගලයන් 48,681 ක්, ආසියාවේ පුද්ගලයන් 34,367 ක්, අප්‍රිකානු කලාපයේ 5,082 ක් මියගොස් තිබේ.

රටවල් ලෙස ගතහොත් අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 112,096ක්. 

එක්සත් රාජධානියේ පුද්ගලයන් 40,465 ක් මියගොස් ඇති අතර බ්‍රසීලයෙන් මරණ 35,957 ක් හා ඉතාලියෙන් මරණ 33,846 ක් වාර්තා වී තිබේ.

මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය හැටනව ලක්ෂ හැත්ත තුන්දහස ඉක්මවා ඇති අතර ඉන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයන් සංඛාව තිස් හතර ලක්ෂ එකොලොස්දහස් අනූ අටක්. 

ඉන් 53,000 කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයෙන් පසුවෙයි.

6 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram