කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.




කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 981ක් වන අතර ඉන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 413ක් වෙයි.

සමස්ත ආසාදිතයින්ගෙන් 540 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 149 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව රැදී සිටින බව ද සඳහන්ය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017