කෝවිඩ් - 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා නවීනතම වර්ගයේ හිස් ආවරණ 6000 ක් .


කෝවිඩ් - 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා නවීනතම වර්ගයේ හිස් ආවරණයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කර තිබේ.

එච්.එච්.සී ඕ ඉන්ඩස්ට්‍රීස් අයතනය විසින් නිෂ්පාදනය කළ ආරක්ෂිත හිස් ආවරණ තොගයක් ඊයේ (2) අරලියගහ මන්දිරයේදී එම ආයතනයේ කළමනාකරණාධ්‍යක්ෂ චින්තක සංජීව ගනේගොඩ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත බාරදෙනු ලැබීය. හඳුන්වා දී තිබෙන නව හිස් ආවරණය විෂබීජ හරණය කොට නැවත නැවත භාවිතා කිරීමට හැකිවන පරිදී සකස්කොට ඇත. මෙම හිස් ආවරණ 6000 ක් ග්‍රාම නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද ලබාදීමට කටයුතු කර ඇති අතර අධිවේගී මාර්ග පිවිසුමේ රාජකාරියේ නියුතුවූවන්ට ආරක්ෂීත හිස් ආවරණ ලබාදීමට පියවර ඇත.



3 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017