කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින්(25) දින ඉදිරිපත් කරනු ලබන තොරතුර,




කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් (25) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු .....

(25) දින උදෑසන මොස්කව් (Moscow) සිට UL - 1206 දරණ මගී ගුවන්යානය මගින් පුද්ගලයින් 181 දෙනෙකු දිවයිනට පැමිණි අතර ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ආයුර්වේද රාජගිරිය (39), ලායා බීච් වාද්දූව (04), නිපුන බූස්ස (14) සහ රුවල (01) යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 58 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (25) දින තම නිවෙස් වෙත පිටත් කරන ලදී. ඒ අනුව, අද (25) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 10,790 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4,645 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි. නාවික හමුදාව තුළ අද (25) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 623 ක් වන අතර ඉන් 312 දෙනෙකු PCR පරික්‍ෂණ සිදුකර සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 311 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ඊයේ (24) දින රාත්‍රී 2320 පැයට පමණ මංකි බ්‍රිජ් (ත්‍රිකුණාමලය) නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කුවේට් හී සිට පැමිණි වයස අවුරුදු 52 ක් පමණ වන කළුතර පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පපුවේ ඇති වූ ආසාදිත තත්වයක් මත මියගොස් ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන භාර වෛද්‍ය නිලධාරි විසින් සනාථ කර ඇති අතර ත්‍රිකුණාමලය මහ රෝහලේදී පශ්චාත් මරණ පරික්‍ෂණය සිදුකිරීමෙන් අනතුරුව කරන ලද PCR පරික්‍ෂණය තුලින් කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017