කොවිඩ් 19 ආසාදනය වී සිට සුව වී නිවෙස බලා ගිය කාන්තාවකට යළිත් වරක් කොවිඩ් 19 රෝග ලක්ෂණ.....




කැබිතිගොල්ලෑවෙන් හමු වූ කොවිඩ් ආසාදිත කාන්තාවගෙන් වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙවැනි රෝගීන්ගේ ශරීර විෂබීජහරණයට ලක් කර ඇතැයි ද පැවසු වෛද්‍ය අධ්‍යක්ෂවරයා, මෙම තත්ත්වයක් ඉතා කලාතුරකින් සිදුවන අතර, ඒ ගැන අනිසි කලබල වීමක් ඇති කර ගත යුතු නැතැයි ද කියා සිටියේය.

කුවේට්හි සිට පැමිණ කොවිඩ් 19 ආසාදනය වී සිට සුව වී නිවෙස බලා ගිය කාන්තාවකට යළිත් වරක් යළිත් වරක් කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුව තිබේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අදාළ කාන්තාව මැයි මස 18 වනදා කුවේට්හි සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන ම්‍යස්ථානය වෙත යොමුකර සිටිය දී මැයි මස 28 වනදා කොවිඩි 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇත.

පසුව හෝමාගම මුලික රෝහලේ ස්තාපිත කොවිඩි 19 ප්‍රතිකාර මධ්‍යස්තානයට ඇය යොමු කර තිබේ.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ තිබුණි.

එහිදි යළිත් වරක් කොවිඩ් 19  රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් පෙරේදා අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙ දී මෙම කන්තාවය කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වි තිබුණි.

7 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram