කොවිඩ් නයින්ටීන්වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 34 ලක්ෂ 4,415 දෙනෙකු.....




ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත.

වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ.

කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ මේ වන විට මරණ එක් ලක්ෂ 12,096ක් වාර්තා වී ඇති අතර රෝගීන් 19 ලක්ෂ 88,461ක් වාර්තා වී ඇති බව සදහන්.

මේ අතර ඉන්දියාව ඉතාලිය අභිබවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

ඉතාලියෙන් ආසාදිතයින් දෙලක්ෂ 34,801 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන්දියාවෙන් ඊයේ (06) දිනය වන විට ආසාදිතයින් දෙලක්ෂ 46,622 කු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017