කොවිඩ් දෙවැනි රැල්ල - බස්නාහිර ආසාදිතයින් 30,000 ඉක්මවයි....

ඔක්තෝබර් 4 සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් ගණන 30,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (29) දිනයේ දී වාර්තා වූ නව ආසාදිතයින් 306දෙනා ද සමග බස්නාහිර පළාතෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 30,431ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඉන් වැඩිම ආසාදිතයින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම එය 17,977කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9,095දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3,359දෙනෙකු වාර්තා වන බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මධ්‍යම පළාතෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 2,105ක් වෙයි.
සබරගමුව පළාතෙන් ආසාදිතයින් 1,234 දෙනෙකු වාර්තා වන බව සඳහන් වේ.
මීට අමතරව, දකුණු සහ වයඹ පළාත්වලින් වාර්තා වන ආසාදිතයින් ගණන ද දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
දකුණු පළාතෙන් ආසාදිතයින් 1,100 ක් සහ වයඹ පළාතෙන් ආසාදිතයින් 1,055 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර ඊයේ දිනයේ දී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 7දෙනෙකු ඇතුළුව නව ආසාදිතයින් 460 දෙනෙකු හදුනාගැනුණි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 42,063කි.
ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම ගණන 249ක් ලෙස දැක්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 16දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 14දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.