helloplanetaviss
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීම....

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.