top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කොරියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මාස දෙකක් තුළ දිවයිනට ගෙන්වා ගැනීමට පියවර....



සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලෝකයේ ඇති වූ ගුවන් ගමන් නතරවීම නිසා මෙම පිරිසට ලංකාවට පැමිණීමට නොහැකිව මේ වන විට මාස කිහිපයක් කොරියාවේ රැදී සිටිති. මෙම පිරිස ලංකාවට ගෙන්වා ගන්නාතුරු කොරියාවේ රැකියා සඳහා යාමට නියමිත ඊලඟ ලාංකික ශ්‍රමිකයින් කණ්ඩායම එරටට යැවීමට නොහැකිව සිටින බවද මෙහිදී අනාවරණය විය. එම නිසා කොරියාවේ මේ පිරිස දිවයිනට ගෙන්වා ගෙන ඔවුන් නිරෝධායනය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන යොදා ගන්නා බවත්, ඔවුන්ට ආහාර හා සියළු පහසුකම් කාර්යාංශය මඟින් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන්යානා යොදා ගනිමින් මාස දෙකක් තුළ මේ පිරිස ගෙන්වා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අද ( 18) පෙරවරුවේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කිම් වොන් සොක් (Kim Won Seok) මහතා සමඟ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡවක දි මේ බව සඳහන් කළේය. මෙහිදී කිම් වොන් සොක් මහතා අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ කොරියානු විභාග සහ පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව, කොරියානු රැකියා අපේක්ෂිතයින් 200 දෙනෙකු පුහුණු කළ හැකි විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් ඉතාම ඉක්මණින් හෝමාගම ප්‍රදේශයේ පිහිට වීමට අමාත්‍යවරයා එකඟ විය. ඊට අවශ්‍ය පරිගණක ඇතුළු තාක්ෂණික පහසුකම් කොරියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට කිම් වොන් සොක් මහතා එකඟතාවය පළ කළේය. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ද එක්වී සිටියහ.

4 views0 comments
bottom of page