We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ තැපෑලේ සිදුව ඇති ප්‍රමාදයන්ට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර.....




කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ තැපෑලේ සිදුව ඇති ප්‍රමාදයන්ට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබුණ ද ඇතැම් ලිපි සහ භාණ්ඩ ප්‍රවාහනයේ දී ප්‍රමාදයන් පවතින බවයි.

දිස්ත්‍රික් අතර ලිපි හුවමාරුවේ දී පවතින ගැටළු සහ ප්‍රමාණවත් තරම් සේවකයින් සේවයට වාර්තා නොකිරීම මෙම තත්ත්වයට හේතුව බව රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ මෙම ගැටළුවලට විසඳුම් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුව තුළ පමණක් ලිපි ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සඳහන් කළේය.

7 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram