top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කොරෝනා මර්දන එන්නතෙන් මෙතෙක් කිසිවෙකුට බරපතල ආසාත්මිකතා මතුවී නැහැ....



කොරෝනා මර්දන එන්නත මේ වන විට ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදී ඇතත් මේ වන තෙක් එම එන්නතෙන් කිසිදු බරපතල අතුරු ආබාධ හෝ ආසාත්මිකතා වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද දින මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවාය.

පළමු අදියරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එන්නත ලබාදුන් අතර ඊළග අදියර වශයෙන් ජනතාවට එනම් 60ට වැඩි ජනගහනයට හා 60න් පහළ හදුනාගත් සියලු දෙනාටම ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබුණු පසු චීනයෙන් අප රටට ලබාදීමට නියමිත එන්නත් ලක්ෂ 03ක ප්‍රමාණයද ලබාගනිමින් ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය ඇමතිතුමිය පැවසුවාය.



1 view0 comments
bottom of page