කොරෝනා ආසාදිතයින් 29 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇත.




අද (16) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 29 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 1371 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1905 දක්වා ඉහළ ගියේය.

ඉන් හය දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් වෙයි.

කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන ම්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු , බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ ලාහෝර් සිට පැමිණි පුද්ගලයෙකු ද හඳුනා ගත් කොවිඩ් 19 ආසාදිතයන් අතරට අයත්.

එමෙන්ම නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද ඊයේ (15) දිනයේ දී කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

අද දිනය වන විට පුද්ගලයින් 523 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

5 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram