We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

කුරුණැගල ප්‍රදේශයේ වගාවන්ට පැතිර ඇති පළගැටි විශේෂය අද දිනයේ මාතර දිස්ත්‍රික්කයේ වගා බිම්වලින්ද.....




කුරුණැගල ප්‍රදේශයේ වගාවන්ට රංචු වශයෙන් පැතිර ඇති පළගැටි විශේෂය අද(03) දිනයේ මාතර දිස්ත්‍රික්කයේ වගා බිම්වලින්ද වාර්ථා වු බව මාතර දිස්ත්‍රික් සහාකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ධර්මප්‍රිය මහතා කියා සිටියේය.


දැනට කිරින්ද-පුහුල්වැල්ල,දන්දෙණිය හා දික්වැල්ල යන ගොවි ජන සේව බල ප්‍රදේශවල පිහිටි වගා බිම් වලින් මෙම පළගැටියන් වාර්ථා වන බවත් ඒම ඉඩම්වල පවතින කෙසෙල් සහා පොල් වගාවන්වලට මෙම පළගැටියන් දැඩි ලෙස හානි කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


මෙම පළගැටියන් වාර්ථා වු වගා බිම්වලට අද දිනයේ කෘමිනාශක දියර ඉස පළගැටියන් මර්දනය කිරිමට පියවර ගත් අතර මේ වන විටත් මාතර දිස්ත්‍රික්කය තුළ මෙම පළගැටියා පැතිර යාම පාලනය කර ගත හැකි මට්ටමක පවතිනා බව තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනුෂා ශාමලි මහත්මිය ප්‍රකාශ කර සිටියාය.


මෙම පළගැටියන්ගේ ජීවන චක්‍රය අධ්‍යනය කිරිම සඳහා සතුන්ගේ සම්පල ලබා ගැනිමද සිදු කෙරිණි.

මාතර දිස්ත්‍රික්කයේ වගාවලින් තව දුරටත් මෙම පළගැටියා වාර්ථා වන්නේ නම් වහාම අදාළ ගොවිජන සේවා කාර්යාලය වෙත වාර්ථා කරන ලෙස මාතර දිස්ති්‍රක් සහාකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ධර්මප්‍රිය මහතා ගොවින්ගෙන් ඉල්ලා සිටි.

3 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram