top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ක්‍රීඩාව නගා සිටුවීමට නව වැඩපිළවෙලක්.....



පළාත් සභා, ක්‍රීඩා සමාජ, සහ ප්‍රදේශයේ දේශපාලඥයන් සමඟ සම්බන්ධ වෙමින් ඒ ඒ ප්‍රදේශවල ක්‍රීඩාව නගා සිටුවීමට නව වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රිකයේ ඉදිවන ක්‍රීඩාංගන සඳහා ලබන වසර අයවැය ඇස්තමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන් කර එම ක්‍රීඩාංගණයන්ගේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි පිහිටි දැනට වැඩ නැවතී ඇති ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් අද(23) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 2014 වසරේදී සාදා නිමකර දුන් කිලිනොච්චි ක්‍රීඩාංගනය ද පසුගිය වසර 05 තුළදී ප්‍රයෝජනයක් ගෙන නොතිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නිසි සැළැස්මක් මත සහ අවශ්‍යතාව මත මිස දේශපාලන ඕනෑ එපාකම් මත ගොඩනැගිලි සෑදීමේ ප්‍රයෝජනවත් නොවන බවද පැහැදිළි කළේය.

තවද යාපනය සහ මන්නාරම් ප්‍රදේශවල ක්‍රීඩාංගන සින්තටික් ට්‍රැක්ද සාදා නිම කරන බව පැවසූ අමාත්‍යවරයා, 2021 වසරේ දෙවන කාර්තුව වන විට දරුවන්ට ක්‍රීඩා කළ හැකි පරිදි ක්‍රීඩාංගන දෙකෙහි වැඩකටයුතු අවසන් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පාසලක් සෑදීම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡා කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

3 views0 comments
bottom of page