top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ක්‍රීඩකයින් 26 ක් අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතයට....



ක්‍රීඩකයින් 26 ක් අවුරුදු 19 න් පහළ පුහුණු සංචිතයට

අවුරුදු 19 න් පහළ ජාතික පුහුණු සංචිතය සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම්වීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ට තේරීම් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රීඩකයින් 26 දෙනාගේ තෝරා ගැනීම සිදුව කර ඇත.

දිවයින පුරා විසිරී සිටින දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන ලද වැඩසටහනේදී තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනාගෙන් මෙම ක්‍රීඩකයින් 26 තෝරාගැනීමට පියවර ගෙන තිබේ.

මූලිකව තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 75 දෙනා මහනුවරදී නේවාසික පුහුණු වැඩසටහනකට භාජනය වූ අතර එහිදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් පුහුණු සැසි කීපයකටම අවසන් සංචිතය තෝරා ගැනීමට පෙර යොමු කෙරුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සුපිරි පළාත් වල නම් හෙවත් කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන පළාත් කණ්ඩායම් ආවරණය වන පරිදි වූ කණ්ඩායම් 5 කට බෙදා මෙම නේවාසික පුහුණුව පවත්වා තිබේ.

0 views0 comments
bottom of page